දොම්පෙ පොලිසියට පහරදීම හා එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ‍පොලිසිය පවසයි.

පරීක්ෂණවල ප්‍රගතිය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා පැවසුවේය.

දැනටමත් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම කියා සිටියි.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති බව ‍මැක්සි ප්‍රොක්ටර් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Set your Twitter account name in your settings to use the TwitterBar Section.