එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පුද්ගල අනන්‍යතා ලබාගත හැකි කාල සීමාව අදින්(01) අවසන් වේ.

අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සහ පසුගිය කාලවල මැතිවරණවලදී භාවිත කළ හැඳුනුම්පත් වලංගු ලේඛන ලෙස පිළිගනු ලබන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ‍ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම කිසිදු අනන්‍යතාවයක් නොමැති ඡන්ද දායකයින්ට තාවකාලිකව හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාවක පවතින බවත්, එහ අවසන් දිනය අද දිනය ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව ඒ මහතා ද ප්‍රකාශ කළේය.

තවමත් හැඳුනුම්පතක් නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අදාළ හැඳුනුම්පත ලබාගැනීමට කටයුතු කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිවුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ද ඔහු පෙන්වාදුන්නේය.

මැතිවරණය සඳහා තවත් ඇත්තේ සතියක කාලයක් බවත්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔක්තොම්බර් 05 වන දිනෙන් අවසන් වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

එමනිසා සාමකාමීව ප්‍රචාරණ කටයුතු සිදුකරන ලෙස සියලුම දේශපාලන පක්ෂ සහ මැතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේය.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Set your Twitter account name in your settings to use the TwitterBar Section.