අද(01) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වන ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අරලිය ගහමන්දිරයේ දී එම උත්සවය පැවැත්වෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

“මේ දරු කාගේ – නුඹගේ අපගේ – සුරකිමු රට දැය වාගේ” යන්න මෙවර ළමා දින තේමාව වේ.

මේ යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උත්සව රැසක් සංවිධානය කර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර ළමා දින ජාතික උත්සවයේ දී ජාතික ළමා ගීතයක් හඳුන්වා දීමත්, ළමා ජාතික කොඩිය හඳුන්වා දීමත් සිදුවන බව එම අමාත්‍යාංශය පවසයි.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Set your Twitter account name in your settings to use the TwitterBar Section.