පිළිගත් පක්ෂයකට ස්වාධීන කණ්ඩායම්වලට ප්‍රචාරක කාර්යාල ලබාදෙන්න බෑ
පළාත් පාලන ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන කිසිදු ස්වාධීන කණ්ඩායමක් පිළිගත් දේශපාලන පක්ෂයක විකල්ප කණ්ඩායමක් ලෙස හෝ එම පක්ෂයේ සැබෑ කණ්ඩායම ලෙස හෝ පිළිගෙන නැතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
පිළිගත් දේශපාලන පක්ෂයකට කිසිදු අවස්ථාවක ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ස්වකීය ප්‍රචාරක කාර්යාල ලබාදිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඇතැම් අපේක්ෂකයින්ගේ අංක යටතේ වෙනත් පුද්ගලයින් තරග කරන බව හඟවමින් ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන බවට පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදෙයි.
මෙය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට පටහැනි බවත් කිසියම් අපේක්ෂකයෙකුගේ නමක් වෙනුවට වෙනත් පුද්ගලයෙකුගේ නමක් ආදේශ කළ නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සිය නිවේදනයෙන් අවධාරණය කර සිටියි.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Recent Comments
- Login to Chat
Enter Nick: developed by wordpress experts
Archives
Tags
Asia Australia Canada CEB Ceylon Petroleum Corporation CPC Elections Commissioner General Secretary Government Information Department High Commissioner High Court Human Rights India JVP Lankan Tamils LG Local Government London LTTE MP Pakistan Police Spokesman President Mahinda Rajapaksa Prime Minister Rajiv Gandhi Ranil Wickremasinghe READ SL Sri Lanka Sri Lankan Sri Lankans Sri Lankan Tamils Tamil Nadu Tamil National Alliance Tamil Tigers TNA UK UN United National Party United Nations UNP UPDATE UPFA US VIDEOSETT deco





