පළාත් පාලන ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන කිසිදු ස්වාධීන කණ්ඩායමක් පිළිගත් දේශපාලන පක්ෂයක විකල්ප කණ්ඩායමක් ලෙස හෝ එම පක්ෂයේ සැබෑ කණ්ඩායම ලෙස හෝ පිළිගෙන නැතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
පිළිගත් දේශපාලන පක්ෂයකට කිසිදු අවස්ථාවක ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ස්වකීය ප්රචාරක කාර්යාල ලබාදිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ලබන [...]
2050 වර්ෂය වන විට මෙරට වැඩිහිටි ජනගහණය 25% ක් දක්වා ඉහළ යනු ඇති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.
ඊට මුහුණ දීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව හෙතෙම සඳහන් කරයි.
දැනටමත් මෙරට වැඩිහිටි ජනගහණය 9 . 6% ක් වන බව සඳහන්ය.
කෙසේවෙතත් වැඩිහිටියන්ගේ ගැටලු පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ [...]
හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබේ.
අද(01) අලුයම 2 .30 ට පමණ ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ නිවසේ නවතා තිබූ මෝටර් රථ දෙකක් මෙම වෙඩි තැබීමට ලක්ව ඇති බව සඳහන්ය.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නොමැති බව ද [...]
අද(01) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වන ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
අරලිය ගහමන්දිරයේ දී එම උත්සවය පැවැත්වෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.
“මේ දරු කාගේ – නුඹගේ අපගේ – සුරකිමු රට දැය වාගේ” යන්න මෙවර ළමා දින තේමාව වේ.
මේ යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් [...]
එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පුද්ගල අනන්‍යතා ලබාගත හැකි කාල සීමාව අදින්(01) අවසන් වේ.
අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සහ පසුගිය කාලවල මැතිවරණවලදී භාවිත කළ හැඳුනුම්පත් වලංගු ලේඛන ලෙස පිළිගනු ලබන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම කිසිදු අනන්‍යතාවයක් [...]
දොම්පෙ පොලිසියට පහරදීම හා එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.
පරීක්ෂණවල ප්‍රගතිය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා පැවසුවේය.
දැනටමත් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව විසින් [...]
එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද(30) සිදුකෙරුණි.
මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය.
එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි.
නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ [...]
පුත්තලම යුද හමුදා කඳවුරේ හමුදා සාමාජිකයෙකු සිය දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් පොලිසිය හා යුද හමුදාව පරීක්ෂණ පවත්වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පවසයි.
අදාළ හමුදා සාමාජිකයා ඊයේ(29) රාත්‍රීයේ දී සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ නිකවැරටිය තිඹිරියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම අතිරේක [...]
පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 850ක් සමග පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා අලෙවිකළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.
ගංජා අලෙවි කළ එම කාන්තාව ළඟ තිබී ද ග්‍රෑම් 50ක ප්‍රමාණයක් ගංජා සොයාගෙන ඇත.
[...]
රෝග තුනකින් ආරක්ෂා වීම සඳහා දරුවන්ට ලබාදෙන එම්.එම්.ආර්. එන්නත හෙට(01) දිනයේ සිට ජාතික ප්‍රතිශක්ති වැඩසටහනට එක්කිරීමට නියමිතය.
ලෝක ළමා දිනය යෙදන හෙට දිනයේ සිට අඛණ්ඩව අදාල එන්නත දරුවන්ට ලබාදීම සිදුකෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා යන රෝගවලින් ආරක්ෂා වීම සඳහා මෙම එන්නත ලබාදෙයි.
මාත්‍රා දෙකක් යටතේ ලබාදෙන එන්නතේ පළමු මාත්‍රාව වයස අවුරුදු [...]
Recent Comments
- Login to Chat
Enter Nick: developed by wordpress experts

